අයි.සී.සී CEO අනිවාර්ය නිවාඩු යවයි

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ප්‍රධාන විධායක නිළධාරී මනූ සව්හ්නි (Manu Sawhney) අනිවාර්ය නිවාඩු යැවීමට අයි.සී.සීය තීරණය කර තිබෙනවා.

ඒ, සිදු කෙරුණු අභ්‍යන්තර පරීක්ෂණයක දී ඔහුගේ කළමණාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු රැසක් හදුනා ගැනීම හේතුවෙන්.

2019 වසරේ දී ඩේවිඩ් රිචර්ඩ්සන් වෙනුවට මනූ සව්හ්නි ප්‍රධාන විධායක නිළධාරී ධූරය සදහා පත් කෙරුණා.

ඔහුගේ ධූර කාලය 2022 වසර දක්වා පවතින නමුත්, නවතම තත්ත්වයත් සමග ඔහු ධූරයෙන් ඉල්ලා අස් වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

 

WORLD NEWS
Comments (0)
Add Comment