අයි.සී.සීයට නව සාමාජික රටවල් 3ක්

තවත් රටවල් 3කට ජගත් ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වය හිමිව තිබෙනවා.

අද(18) පැවැති අයි.සී.සීයේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි එම රටවල් සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ.

මොන්ගෝලියාව, ටජිකිස්ථානය හා ස්විට්සර්ලන්තය එලෙස සාමාජිකත්වය ලබා ගත් බව අයි.සී.සීය සදහන් කළා.

මොන්ගෝලියාව හා ටජිකිස්ථානය ආසියානු කලාපයෙන් අයි.සී.සීයේ සාමාජිකත්වය ලබා ගත් 22 වන හා 23 වන රටවල් ලෙසයි ඉතිහාසයට එක් වන්නේ.

ස්විට්සර්ලන්තය යුරෝපා කලාපයෙන් එහි සාමාජිකත්වය ලබා ගත් 35 වන රටයි.

ඒ අනුව අයි.සී.සී සාමාජික රටවල් සංඛ්‍යාව මේ වන විට 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් පූර්ණ සාමාජිකත්වය හෙවත් ටෙස්ට් තත්ත්වය හිමිව ඇත්තේ රටවල් 12කට පමණයි.

popularWORLD NEWS
Comments (0)
Add Comment