ගුවන් අනතුරෙන් යසීර් ශාහ් මිය ගියා ද? ඇත්ත කතාව මෙන්න

තමා මේ වන විට ජීවතුන් අතර සිටින බව පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක යසීර් ශාහ් පවසනවා.

ඊයේ පාකිස්තානයේ සිදු වූ ගුවන් යානා අනතුරේ දී ඔහු ද එම යානයේ රැදී සිටි බවටත්, එහිදී ඔහු මිය ගිය බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් යසීර් ශාහ් ඒ බව කියා සිටියා.

අදාළ ගුවන් යානා අනතුරෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අතර යසීර් ශාහ් ද සිටින බවට ප්‍රචාර පැතිර ගිය නමුත්, පසුව අණාවරණය වූයේ ඔහු එම ගුවන් යානයේ ගමන් ගත් මගීන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව නොමැති බවයි.

කෙසේ වෙතත්, තවදුරටත් ඒ සම්බන්ධයෙන් වැරැදි ප්‍රචාර පැතිර යාම හේතුවෙන් ඔහු විසින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අදාළ සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර සිටියා.

කෙසේ වෙතත්, එම ට්විටර් පණිවිඩය යසීර් ශාහ් විසින් පසුව ඉවත් කර තිබුණා.

එම ට්විටර් පණිවිඩය පහතින් –

Comments (0)
Add Comment