ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අනගි අවස්ථාවක් – ඔස්ට්‍රේලියානු සංචාරයක කාලසටහන එළියට

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු A කණ්ඩායම අතර එක්දින තරග 3 ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
ජූලි 4 වැනිදා සිට 23 වැනිදා දක්වා එම තරග Darwin හීදී පැවැත්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
Darwin හීදී පළමු පෙල තරගයක් පැවැත්වෙන්නේ වසර 19 කට පසුව පළමු වරට වීම ද විශේෂත්වයක්.
තරග කාලසටහන –
Australia A vs Sri Lanka A, Darwin
July 4: First 50-over match | Marrara Cricket Ground (D/N)
July 6: Second 50-over match | Marrara Cricket Ground
July 9: Third 50-over match | Marrara Cricket Ground
July 13 – 16: First four-day match | Marrara Stadium
July 20 – 23: Second four-day match | Marrara Cricket Ground