Ultimate magazine theme for WordPress.

වෙන්දේසියේදී වියදම් කරන්න පංජාබ් පිලට INR කෝටි 110 ක් ; සියලු කණ්ඩායම්වලට ඉතිරි වී ඇති මුදල් මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සිය සංචිතවල රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් මේ වන විට සියලු කණ්ඩායම් විසින් තහවුරු කර අවසන්. එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු සංචිතයේ රදවා ගැනීමට අවසර ලබා දී තිබූ අතර, රදවා ගන්නා ක්‍රීඩකයින්ට හා වෙන්දේසියේදී මිලදී ගන්නා ක්‍රීඩකයින්ට එක් කණ්ඩායමට වියදම් කළ හැකි සමස්ත මුදල ඉන්දීය රුපියල් කෝටි 120 ක්.

සංචිතවල රදවා ගන්නා ක්‍රීඩකයින් වෙනුවෙන් ඇතැම් කණ්ඩායම් ඉහළ මුදලක් වියදම් කර ඇති බවක් දක්නට ලැබෙන අතර, ඇතැම් කණ්ඩායම් සුළු මුදලක් යටතේ අඩු ක්‍රීඩකයින් සංඛ්‍යාවක් රදවා ගැනීමට කටයුතු කර ඇති බවක් ද දක්නට ලැබෙනවා.

මෙවර අඩුම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් රදවා ගැනීමට පියවර ගෙන ඇත්තේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි. ඔවුන් ශශාන්ක් සිං හා ප්‍රබ්සිම්රන් සිං සංචිතයේ රදවා ගෙන ඇති අතර, සෙසු සියලු ක්‍රීඩකයින් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සංචිතයක රදවා ගන්නා හෝ RTM ක්‍රමවේදය ඔස්සේ වෙන්දේසියේ දී මිලදී ගන්නා ක්‍රීඩකයින් අතර අවම වශයෙන් ජාත්‍යන්තර වරම් දිනා නොමැති එක් ඉන්දීය ක්‍රීඩකයෙකු සිටිය යුතුයි. උපරිම වශයෙන් සිටිය හැකි ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩකයින් ගණන දෙකක්.

ඒ අනුව පංජාබ් කණ්ඩායම ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ශශාන්ක් හා ප්‍රබ්සිම්රන් සිය සංචිතයේ රදවා ගෙන ඇති අතර, ඔවුන් වෙනුවෙන් පිළිවෙලින් ගෙවා ඇති මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 5.5 ක් හා කෝටි 4 ක්.

ඉන්දීය රුපියල් කෝටි 9.5 ක මුදලක් පමණක් එම ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවෙන් පංජාබ් කණ්ඩායම වෙන් කර ඇති බැවින් ඔවුන්ට වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 110.5 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 385.1 ක පමණ වටිනාකමක්) මුදලක් ගෙවා ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා මේ වන විට අවස්ථාවක් උදා වී තිබෙනවා.

වෙන්දේසියේ දී වියදම් කිරීම සදහා අවම මුදලක් ඉතිරිව ඇත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටයි. ඔවුන් ක්‍රීඩකයින් හය දෙනෙකුම සංචිතයේ රදවා ගැනීමට තීරණය කර තිබීම ද ඊට බලපා තිබෙනවා. එම ක්‍රීඩකයින් හය දෙනා වෙනුවෙන් රාජස්ථාන් කණ්ඩායම කෝටි 79 ක මුදලක් වියදම් කර ඇති අතර, ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ කෝටි 41 ක මුදලක් පමණයි.

වෙන්දේසියේ දී වියදම් කිරීමට කණ්ඩායම් 10 සදහා ඉතිරිව ඇති මුදල් –

  • Mumbai Indians – INR 45 crore
  • Sunrisers Hyderabad – INR 45 crore
  • Chennai Super Kings – INR 55 crore
  • Royal Challengers Bengaluru – INR 83 crore
  • Delhi Capitals – INR 73 crore
  • Kolkata Knight Riders – INR 51 crore
  • Rajasthan Royals – INR 41 crore
  • Gujarat Titans – INR 69 crore
  • Lucknow Super Giants – INR 69 crore
  • Punjab Kings – INR 110.5 crore