Watch : බවූමාගේ ඉනිම නැවතූ ප්රභාත්ගේ දග පන්දුව

ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(8).
අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි දකුණු අප්රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි අතර, දිනයේ දෙවැනි කඩුල්ල ලෙස ටෙම්බා බවූමා ලකුණු 66 කට දවා ගැනීමට ප්රභාත් ජයසූරිය සමත් වුණා.
ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි බවූමා දැවී ගියේ. ඔහු දැවී යන විට දකුණු අප්රිකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 254 ක් ලෙසයි.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) December 8, 2024