Ultimate magazine theme for WordPress.

“සමහර දේවල් ක්‍රිකට්වලට වඩා ගොඩක් වැදගත්” ; හසල් අලී PSL තරගාවලියෙන් ඉවත් වෙයි

පාකිස්තාන සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත තමා තරගාවලියෙන් ඉවත් වන බවයි ඔහු සදහන් කළේ.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග අබුඩාබිහී දී පසුගිය 9 වැනිදා ආරම්භ වූ අතර, එදින සිට මේ දක්වා හසන් අලී තරග දෙකකට ක්‍රීඩා කළා.

එහිදී කඩුලු 2ක් දවා ගත් ඔහු, මෙවර තරග වාරයේ දී මේ වන විට දවා ගෙන ඇති කඩුලු ගණන 10ක්.

“සියලු ඉස්ලාමාබාද් යුනයිටඩ් ප්‍රේක්ෂකයින්ට මට කියන්න අවශ්‍යයයි පෞද්ගලික හේතුවක් මත අවාසනාවන්ත ලෙස මට ඉතිරි  PSL තරගවලින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා කියලා.” යනුවෙන් ඔහු සදහන් කළා.

“සමහර දේවල් ක්‍රිකට් ක්‍රීඩාවට වඩා ගොඩක් වැදගත්. පවුලට වඩා වැදගත් කිසි දෙයක් නැහැ. මම ස්තූතිවන්ත වෙනවා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට, එයාලගේ සහයෝගයට සහ තේරුම් ගැනීමට”

Leave a comment