Ultimate magazine theme for WordPress.

ප්‍රේක්ෂකයෙකු තනි අතින් රැකගත් සුපිරිම උඩ පන්දුවට හිමි වූ අදහාගත නොහැකි මුදල

ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරණය සහ පන්දු යැවීම මෙන්ම තවත් ඉතාමත් වැදගත් අංශයක් තමයි පන්දු රැකීම කියන්න්නේ.

අතීතයේ පටන් වර්ථමානය දක්වා විවිධාකාරයේ සුවිශේෂී උඩ පන්දු රැක ගැනීම් අනන්තවත් වාර්තා වී තිබෙනවා.

ක්‍රිකට් තරගයක ආශ්වාදය දෙගුණ තෙගුණ කිරීමට දක්ෂ උඩ පන්දු රැකගැනීම්වලට හැකියාව පවතින බව කවුරුත් දන්නා කරුණක්.

ඒ නිසාවෙන්ම බොහෝ ලීග් තරගාවලියන්හී දී තරඟයක් තුළ රැක ගන්නා දක්ෂතම උඩ පන්දු සදහා ද සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනමන අයුරු ඔබ දැක ඇති.

නමුත් ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයකු විසින් තමන් දෙසට එන උඩ පන්දුවක් සාර්ථකව රැකගැනීම වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාගයක් දිනාගන්නා පුවතක්නම් වාර්තා වන්නේ නම් ඉතා කලාතුරකින්.

මීට වසර කිහිපයකට පෙර වාර්තා වූ එවැනි පුවතක් වෙතයි අප මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ.

මෙම පුවත වාර්තා වුණේ Otago Volts සහ Wellington Firebirds කණ්ඩායම් අතර නවසීලන්තයේ පැවැති දේශීය තරගයකදීයි.

Andrew McCulloch නම් ප්‍රේක්ෂකයා එම තරගයේ දී එක් අතකින් ක්‍රිකට් පිටියේ ඉතා කලාතුරකින් දැකිය හැකි සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ ක්‍රිකට් ප්‍රවීනයින් පවා මවිතයට පත් කරමින්.

එම උඩ පන්දු රැක ගැනීම හේතුවෙන් ඔහුට අමෙරිකානු ඩොලර් 5,000ක (රුපියල් ලක්ෂ 10කට ආසන්න) මූල්‍ය ත්‍යාගයක් ද හිමි වුණා.

Leave a comment