Ultimate magazine theme for WordPress.

“මම අලස ක්‍රීඩකයින්ට කැමති නැහැ” : භානුකගේ චෝදනාවලට මිකී දුන් පිළිතුර

තමා දියාරු (අලස) ක්‍රිකට් ක්‍රීඩකයින්ට කැමැත්තක් නොදක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

“ද අයිලන්ඩ්” පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පසුගියදා කළ චෝදනාවලට පිළිතුරු ලබා දෙමින්.

“මම ඇත්තටම පසුතැවෙන්නේ නැහැ මට කොන්ත්‍රාත්තුවක් නැහැ කියලා. කළකිරීමක් තියෙන්නේ මොකද අපි දක්ෂතා දක්වලා අපිට අවස්ථාව නැතිවුණ එකයි. කොන්ත්‍රාත්තු දුන්නේ නෑ කියලා සැලෙන්නේ නෑ. ඒත් ඉතිං වෙන අසාධාරණකම් බලං ඉන්න එකයි ටිකක් අමාරු.” යනුවෙන් භානුක සදහන් කර තිබුණා.

“ශාරීරික යෝග්‍යතා ගැටලුවක් කියලා අපිව එළියෙන් තියෙන එක මම හිතන්නේ නෑ සාධාරණයි කියලා. මම කියන්නේ නෑ ෆිට්නස් දාන එක (ෆිට්නස් ටෙස්ට් එක) වැරදීමක් කියලා. ඒත් ෆිට්නස් තියෙන්න ඕනෙ ක්‍රීඩකයෙක් උඩට ගන්න. නැතුව ෆිට්නස් කියලා ක්‍රීඩකයෙක් පල්ලෙහට දාන්න නෙවෙයි.”

“මම අනිවාර්යයෙන් කියනවා මට බෙදන්නේ වෙන හැන්දකින් කියලා.”

මේ සම්බන්ධයෙන් “ද අයිලන්ඩ්” පුවත්පත කළ විමසීමකදී අදහස් දක්වමින් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සදහන් කළේ භානුක රාජපක්ෂගේ ශාරීරික යෝග්‍යතාවය ප්‍රමාණවත් මට්ටමක නොපවතින බවයි.

“ඔහු ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුට පහර දීමේ සුපිරි හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත්, ඔහුගේ පන්දු රැකීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ප්‍රමාණවත් නැහැ. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ද අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නැහැ. අපි සංස්කෘතියක් ගොඩනගමින් ඉන්නවා ක්‍රීඩකයින්ගේ උපරිමය ළගා කර ගත හැකි මට්ටම දක්වා ඔවුන්ව යොමු කරන්න. අපිට අවශ්‍යයි අපේ හොදම ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයට ගෙනියන්න. ” යනුවෙන් මිකී ආතර් කියා සිටියා.

“භානුකට යම් යම් කැපකිරීම් සිදු කරන්න සිද්ධ වෙනවා. ඔහුට ඔහුගේ ආහාරවේල ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ නිදහසට කාරණය ඔහු චොකලට්වලට කැමැත්තක් දැක්වීමයි. ඔබට දක්ෂ ක්‍රීඩකයෙක් වීමට අවශ්‍යනම් ඔබට යම් කැප කිරීම් සිදු කරන්න අවශ්‍ය වෙනවා. අපිට තිබුණා ආහාරවේල පිළිබද සැලැස්මක් ඔහු වෙනුවෙන්. අපි බලාපොරොත්තු වුණේ ඔහු තමා ගැනම බලා ගනියි කියලා”

කෙසේ වෙතත්, ඔහු තවමත් අවශ්‍ය යෝග්‍යතා මට්ටමට ළගා වී නොමැති බව මිකී ආතර්ගේ අදහසයි.

“මම අවුල් වුණා ඔහු අත්වැසුම් අතේ තියාගෙන දිව්ව නිසා. එය ස්මතු කරනවා ඔහු පළමු ලකුණ සදහා වැඩි බරක් නොයෙද වූ බව. ඒක අලස වූ ක්‍රිකට් ක්‍රීඩාවක්. මම කැමති නෑ දියාරු ක්‍රීඩකයින්ට.”

Leave a comment