Watch : ප්‍රභාත් ජයසූරිය බිද හෙලූ කඩුලු 5 මෙන්න

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේදී, ටෙස්ට් ඉනිමක තමන් බිද හෙලූ 10 වැනි කඩුලු පහේ අවස්ථාව සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය අද(8) සමත් වුණා.
තරගයේ සිව්වැනි දිනය වන අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 8 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 282 ක්. ඔවුන් මේ වන විට ලකුණු 312 ක් ඉදිරියෙන් පසුවනවා.
ප්‍රභාත්ගේ පන්දු හමුවේ දෙවැනි ඉනිමේදී දැවී ගියේ ටෝනි ද සෝර්සි, රයන් රිකල්ටන්, ටෙම්බා බවූමා, ඩේවිඩ් බෙඩින්ග්හැම් හා මාර්කෝ යැන්සන් යන ක්‍රීඩකයින්.
ප්‍රභාත් ශ්‍රී ලංකාවෙන් පිටතදී කඩුලු පහක් දවා ගත් පළමු අවස්ථාව ද මෙයයි.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) December 8, 2024