Ultimate magazine theme for WordPress.

Watch : වනිදු පිට පිට දවා ගත් කඩුලු දෙක මෙන්න

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය මේ වන විට Mount Maunganui හීදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

නවසීලන්ත ඉනිමේ සිව්වැනි හා පස්වැනි කඩුලු දෙක පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ග්ලේන් පිලිප්ස් (ලකුණු 8) හා මිචෙල් හේ(ලකුණු 0) යන පිතිකරුවන්. දෙදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවයි දැවී ගියේ.

වනිදු මෙම තරගයේදී ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගනිමින් සිය පන්දුවාර 4 නිමා කළා.