Watch : ඔස්ට්‍රේලියාවෙයි, විනිසුරුවන්ගෙයි ඇස් වහලා පාකිස්තාන කඩුලු රකින්නා කරපු වංචාව හෙළි වෙයි
පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී Cooper Connolly දවා ගැනීම සදහා පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක Khawaja Nafay සිදු කළ වංචා සහගත ක්‍රියාවක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ලාහෝර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 16.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 96 ක් පමණයි.
ඒ අනුව මෙම තරගයෙන් පාකිස්තානය ලකුණු 111 ක ජයක් ලබා තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත්තා.
ඔස්ට්‍රේලියානු ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසයි Cooper Connolly ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේ.
එම අවස්ථාවේදී කඩුලු රකින ක්‍රීඩකයා විසින් සිය වම් අතින් කඩුල්ල බිද දමනු ලැබුව ද, අදාළ අවස්ථාවේදී පන්දුව තිබී ඇත්තේ ඔහුගේ දකුණු අතේ බව මේ වන විට පුනරූපනවලින් අනාවරණය වී තිබෙනවා.
නමුත්, එම අවස්ථාවේදී එය අනාවරණය නොවුණු බැවින් Cooper Connolly දැවී ගිය පිතිකරුවෙකු ලෙසයි පිටියේ විනිසුරු නම් කළේ.
අයි.සී.සී නීති ප්‍රකාරව කඩුල්ලක් බිද දමන අවස්ථාවේදී පන්දුව, පන්දු රකින්නා විසින් කඩුල්ල බිද දමන අතේ රදවා තබා ගැනීම අනිවාර්යය වනවා.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) February 2, 2026