Ultimate magazine theme for WordPress.

Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 ක්

2024 Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු (Draft) ඊයේ (17) රාත්‍රියේ සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් සිය කණ්ඩායම්වලට මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කිරීම විශේෂත්වයක්.

කණ්ඩායම් විසින් සංචිතයේ රදවා ගත් හා සෘජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පසුගියදා නිවේදනය කර තිබූ අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත්ව සිටියා.

ඊයේ රාත්‍රියේදී කණ්ඩායම් විසින් මිලදී ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 15 ක්. ඒ අනුව තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය සදහා මෙවර කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරන අතර, Morrisville Samp Army හා Northern Warriors කණ්ඩායම් සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ.

2024 Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

  • Bolts Ajman – ශෙවෝන් ඩැනියල්, දුනිත් වෙල්ලාලගේ, ශෙහාන් ජයසූරිය (වත්මන් ඇමෙරිකානු ක්‍රීඩක)
  • Bangla Tigers – දසුන් ශානක (රදවා ගත්), රවිදු රත්නායක
  • Deccan Gladiators – මහීෂ් තීක්ෂණ (රදවා ගත්), මල්ෂ තරුපති
  • Chennai Brave Jaguars – භානුක රාජපක්ෂ (රදවා ගත්), නුවන් තුෂාර (සෘජුව ගිවිසුම්ගත වූ), තිසර පෙරේරා (සෘජුව ගිවිසුම්ගත වූ), අකිල ධනංජය, ගරුක සන්කෙත්,කවිදු නදීෂාන්
  • Delhi Bulls – වනිදු හසරංග (සෘජුව ගිවිසුම්ගත වූ), කසුන් රාජිත්, පවන් රත්නායක
  • New York Strikers – මතීෂ පතිරණ (සෘජුව ගිවිසුම්ගත වූ), කුසල් පෙරේරා, දුමිදු සෙව්මින
  • Team Abu Dhabi – ඇන්ජෙලෝ මැතිව්ස්, මුදිත ලක්ෂාන්
  • UP Nawabs – බිනුර ප්‍රනාන්දු