Ultimate magazine theme for WordPress.

අසේලගේ හා චින්තකගේ අර්ධ ශතක ශ්‍රී ලංකා මාස්ටර්ස් පිලට ජය ගෙනෙයි

Match Report

International Masters League ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් අද(26) ඔවුන් දකුණු අප්‍රිකාව පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

නවි මුම්බායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා මාස්ටර්ස් පිල කඩුලු හයක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

හෂීම් අම්ලා පන්දු 53 කින් ලකුණු 76 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් සමගින්.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන ලකුණු 44 කට කඩුලු දෙකක් ද, චතුරංග ද සිල්වා ලකුණූ 28 කට කඩුලු දෙකක් ද බිද හෙලුවා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී පහසුවෙන්ම ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

අසේල් ගුණරත්න නොදැවී ලකුණු 59(පන්දු 33) ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්. චින්තක ජයසිංහ නොදැවී ලකුණු 51යි. පන්දු 25 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ 2 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

උපුල් තරංග ලකුණු 29 කටත්, කුමාර් සංගක්කාර ලකුණු 16 කටත්, ලහිරු තිරිමාන්න ලකුණු 13 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී Thandi Tshabalala ලකුණු 32 කට කඩුලු දෙකක් දවා ගත්තා.