Ultimate magazine theme for WordPress.

Asia Cup: වගකීමක් සමග ගිල්ට කැදවීමක් ; ඉන්දීය සංචිතය නිවේදනය කෙරේ

ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

ශුබ්මන් ගිල් යළි විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවා ඇති අතර, ඔහු අක්සාර් පටෙල් වෙනුවට සංචිතයේ උපනායකයා ලෙස ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අඟහරුවාදා මුම්බායිහිදී තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සූර්යකුමාර් යාදව් විසින් මෙහෙයවනු ලබනවා.

අභිෂේක් ෂර්මා සහ සංජු සැම්සන් සෙසු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස සංචිතයට ඇතුළත්. ගිල් උපනායකයා ලෙස නම් කර ඇති බැවින්, ඔහු මුල් පෙළ පිතිකරණ ස්ථානයක පන්දුවට පහර දෙනු ඇති.

යෂස්වි ජයිස්වාල්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, වොෂින්ටන් සුන්දර්, රියන් පරග් සහ ධ්‍රුව් ජුරෙල් යන ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙසයි නම් කර ඇත්තේ.

IPL 2025 තරඟාවලියේදී ලකුණු 604 ක් රැස් කර ගනිමින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අවසන් තරඟයට ගෙන ගිය ශ්‍රේයස් අයියර්ට ද 15 දෙනෙකුගෙන් යුත් සංචියේ ස්ථානයක් හිමිව නැහැ.

ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී A කාණ්ඩයෙන් තරගවදිනවා.

ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරඟය සැප්තැම්බර් 10 වන දින ඩුබායිහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ඉන් පසුව සැප්තැම්බර් 14 වන දින ඩුබායිහිදී පාකිස්තානයට එරෙහිවත්, සැප්තැම්බර් 19 වන දින අබුඩාබිහිදී ඕමානයට එරෙහිවත් ඉන්දියාව තරඟ කරනවා.

ආසියානු කුසලානය සඳහා ඉන්දීය සංචිතය :

Surya Kumar Yadav (C), Shubman Gill (VC), Abhishek Sharma, Tilak Varma, Hardik Pandya, Shivam Dube, Axar Patel, Jitesh Sharma (WK), Jasprit Bumrah, Arshdeep Singh, Varun Chakaravarthy, Kuldeep Yadav, Sanju Samson (WK), Harshit Rana, Rinku Singh