Ultimate magazine theme for WordPress.

පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා A සංචිත නම් කෙරේ

ශ්‍රී ලංකා A කණ්ඩායමේ එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A සංචිත අද(6) නිවේදනය කෙරුණා.

සිව්දින සංචිතයේ නායකයා ලෙස පසිදු සූරියබණ්ඩාර ද, එක්දින සංචිතයේ නායකයා ලෙස නුවනිදු ප්‍රනාන්දු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඕෂද ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, දුෂාන් හේමන්ත හා ඩිල්ෂාන් මදුෂංක වැනි ක්‍රීඩකයින් ද මෙම සංචාරයට නම් කර තිබෙනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් හෙට(7) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම අතර සිව්දින තරග දෙකක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 11 වැනිදා සිට 29 වැනිදා දක්වා එම තරගාවලි රාවල්පින්ඩිහීදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Four-Day Squad
1) Pasindu Sooriyabandara – Captain
2) Nipun Dhananjaya
3) Oshada Fernando
4) Pulindu Perera
5) Pavan Rathnayake
6) Sonal Dinusha
7) Ahan Wickramasinghe
8) Vishad Randika
9) Wanuja Sahan
10) Vishwa Fernando
11) Isitha Wijesundara
12) Chamika Gunasekara
13) Nisala Tharaka
14) Ashian Daniel
15) Dinura Kalupahana

One Day Squad
01) Nuwanidu Fernando – Captain
02) Lahiru Udara
03) Kamil Mishara
04) Pasindu Sooriyabandara
05) Pavan Rathnayake
06) Sahan Arachchige
07) Ahan Wickramasinghe
08) Sonal Dinusha
09) Dinura Kalupahana
10) Dushan Hemantha
11) Kavindu Nadeeshan
12) Wanuja Sahan
13) Eshan Malinga
14) Dilshan Madushanka
15) Nipun Ransika