Ultimate magazine theme for WordPress.

ලකුණු 15 ක ජයකින් ඉන්දියාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Match Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම (3-1) ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(31) සමත් වුණා.

පූනේහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 12 දී බිද වැටුණු නමුත්, හර්ඩික් පාන්ඩ්යා පන්දු 30 කින් ලකුණු 53 ක් ද, ශිවම් ඩූබේ පන්දු 34 කින් ලකුණු 53 ක් ද රැස් කරමින් ඉන්දියාව ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී සකිබ් මහ්මූද් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත්තා. ජෙමී ඕවර්ටන් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 32 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

හැරී බෘෘක් පන්දු 26 කින් ලකුණු 51 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් සමගින්. බෙන් ඩකට් ලකුණු 39(19) යි.

පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි ලකුණු 28 කට කඩුලු 3 ක් ද, හර්ෂිත් රානා ලකුණු 33 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.