Ultimate magazine theme for WordPress.

ICC Awards 2024 – ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සම්මාන හයකට නිර්දේශ කෙරේ

2024 වසරට අදාළ ICC සම්මාන සදහා නිර්දේශිත සියලු ක්‍රීඩකයින්ගේ නම් මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු වසරේ ICC සම්මාන හයකට නිර්දේශ කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

කමිදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග හා චමරි අතපත්තු එලෙස සම්මාන සදහා නිර්දේශ කර තිබෙනවා.

කමිදු මෙන්ඩිස් නිර්දේශ කර ඇත්තේ වසරේ නැගී එන ක්‍රීඩකයා හා වසරේ ටෙස්ට් ක්‍රීඩකයා යන සම්මාන සදහායි.

වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය සදහා කුසල් මෙන්ඩිස් හා වනිදු හසරංග නිර්දේශ කර තිබෙනවා.

චමරි අතපත්තු වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට පිරිනමන ‘Rachael Heyhoe Flint’ සම්මානය සදහා නිර්දේශ කර තිබීම විශේෂත්වයක්. ඊට අමතරව වසරේ විස්සයි 20 ක්‍රීඩිකාව හා එක්දින ක්‍රීඩිකාව සම්මානය සදහා ද ඇයව නිර්දේශ කර තිබෙනවා.

ICC සම්මාන සදහා නිර්දේශිත නාම වෙනුවෙන් මනාප පල කරමින් සම්මානලාභීන් තෝරා ගැනීමේ කටයුතු සදහා දායකත්වය ලබා දීමට ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව උදා වී ඇති අතර, ඒ අනුව එම සම්මාන සදහා මනාපය පල කිරීමට මෙතන ක්ලික් කරන්න.

ICC Emerging Men’s Cricketer of the Year

  • Saim Ayub (Pakistan)
  • Kamindu Mendis (Sri Lanka)
  • Shamar Joseph (West Indies)
  • Gus Atkinson (England)

ICC Emerging Women’s Cricketer of the Year

  • Shreyanka Patil (India)
  • Saskia Horley (Scotland)
  • Annerie Dercksen (South Africa)
  • Freya Sargent (Ireland)

ICC Men’s T20I Cricketer of the Year

  • Sikandar Raza (Zimbabwe)
  • Travis Head (Australia)
  • Babar Azam (Pakistan)
  • Arshdeep Singh (India)

ICC Women’s T20I Cricketer of the Year

  • Chamari Athapaththu (Sri Lanka)
  • Melie Kerr (New Zealand)
  • Laura Wolvaardt (South Africa)
  • Orla Prendergast (Ireland)

ICC Men’s ODI Cricketer of The Year

  • Azmatullah Omarzai (Afghanistan)
  • Kusal Mendis (Sri Lanka)
  • Sherfane Rutherford (West Indies)
  • Wanindu Hasaranga (Sri Lanka)

ICC Women’s ODI Cricketer of the Year

  • Annabel Sutherland (Australia)
  • Laura Wolvaardt (South Africa)
  • Smriti Mandhana (India)
  • Chamari Athapaththu (Sri Lanka)

ICC Men’s Test Cricketer of the Year

  • Joe Root (England)
  • Kamindu Mendis (Sri Lanka)
  • Harry Brook (England)
  • Jasprit Bumrah (India)

Rachael Heyhoe Flint Trophy for ICC Women’s Cricketer of the Year

  • Chamari Athapaththu (Sri Lanka)
  • Melie Kerr (New Zealand)
  • Annabel Sutherland (Australia)
  • Laura Wolvaardt (South Africa)

Sir Garfield Sobers Trophy for ICC Men’s Cricketer of the Year

  • Harry Brook (England)
  • Jasprit Bumrah (India)
  • Travis Head (Australia)
  • Joe Root (England)