විශ්වට එංගලන්තයෙන් ගිවිසුමක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු Warwickshire කණ්ඩයම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඒ, බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත 2025 ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියට (County Championship) ක්‍රීඩා කිරීම සදහායි.
ඔහු Warwickshire කණ්ඩායම අප්‍රේල් මාසයේදී ක්‍රීඩා කිරීමට නියමිත තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිත බව සදහන්.
පසුගිය වසරේදී විශ්ව Yorkshire කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කළ අතර, එහිදී තරග තුනකදී ඔහු කඩුලු 17 ක් දවා ගත්තා.
33 හැවිරිදි විශ්ව ප්‍රනාන්දු මේ වන විට ටෙස්ට් තරග 27කදී දවා ගෙන ඇති කඩුලු ගණන 79ක්.