Ultimate magazine theme for WordPress.

ICC වසරේ ටෙස්ට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ – මෙතෙක් ප්‍රකාශයට පත් කළ සියලු සම්මානලාභීන් මෙන්න

2024 වසරට අදාළ ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ, බුම්රා පසුගිය වසරේදී ටෙස්ට් තරග 13කදී කඩුලු 71 ක් දවා ගනිමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන්.

මෙම සම්මානය සදහා ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ද මෙවර නිර්දේශ කර තිබුණා.

2024 වසරේ ටෙස්ට් පිටියේ වැඩිම කඩුලුලාභියා වූයේ ද ජස්ප්‍රිට් බුම්රා. වැඩිම කඩුලු ලාභින් අතර දෙවැනි ස්ථානය හිමි කර ගත්තේ කඩුලු 52 ක් දවා ගත් එංගලන්තයේ ගස් ඇට්කින්සන්.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් නම් කෙරුණු ICC වසරේ ටෙස්ට් කණ්ඩායම සදහා ද බුම්රා නම් කර තිබුණා.

මේ අතර, වසරේ එක්දින ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉන්දියාවේ ස්ම්රිති මන්දනා.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන දිනා ගත් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති ICC සම්මානලාභින් ලැයිස්තුව –

  • ICC Men’s Test Cricketer of the Year: Jasprit Bumrah
  • ICC Women’s ODI Cricketer of the Year: Smriti Mandhana
  • ICC Men’s ODI Cricketer of the Year: Azmatullah Omarzai
  • ICC Men’s T20I Cricketer of the Year: Arshdeep Singh
  • ICC Women’s T20I Cricketer of the Year: Melie Kerr
  • ICC Emerging Women’s Cricketer of the Year: Annerie Dercksen
  • ICC Emerging Men’s Cricketer of the Year: Kamindu Mendis
  • ICC Women’s Associate Cricketer of the Year: Esha Oza
  • ICC Men’s Associate Cricketer of the Year: Gerhard Erasmus
  • ICC Umpire of the Year: Richard Illingworth