එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි – චමරි දෙවැනි තැනට

දකුණු අප්‍රිකා නායිකා Laura Wolvaardt යළිත් අයි.සී.සී එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
ඒ, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේදී මෙතෙක් දක්වා ඇති දක්ෂතා හේතුවෙන්.
මෙතෙක් එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණේ පසු වුණේ එංගලන්ත ක්‍රීඩිකා Nat Sciver-Brunt.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට මෙතෙක් අපොහොසත් වූ ඇයට එක්දින පිතිකාරිණියන් අතර මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.
මේ අතර, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අයි.සී.සී එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා එක් පියවරකින් ඉදිරියට පැමිණ තිබෙනවා.