Ultimate magazine theme for WordPress.

අයර්ලන්තයට එරෙහි සිම්බාබ්වේ සංචිත නම් කෙරේ – ILT20 නිසා රාසා ටෙස්ට් තරගයට නැහැ

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරගාවලි සදහා ක්‍රීඩා කරන සිම්බාබ්වේ සංචිත නම් කර තිබෙනවා.

ටෙස්ට් සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් දෛනෙකු වන පා දග පන්දු යවන ක්‍රීඩක Vincent Masekesa හා මුල් පෙල පිතිකරු Nicholas Welch නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Dion Myers හා Tadiwanashe Marumani ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ILT20 තරගාවලියේදී Dubai Capitals කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක සිකන්ඩ රාසා ද ටෙස්ට් සංචිතයට නම් කර නැහැ.

සිම්බාබ්වේ එක්දින සංචිතය සදහා වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව Myers හා Joylord Gumbie වෙනුවට Wessly Madhevere හා Nyasha Mayavo ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, Myers විස්සයි 20 සංචිතයේ සිය ස්ථානය රැක ගෙන තිබෙනවා. Faraz Akram හා Takudzwanashe Kaitano විස්සයි 20 සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ටෙස්ට් තරගය පෙබරවාරි 6 වැනිදා බුලවායෝහීදී ආරම්භ වීමට නියමිතයි. එක්දින තරගාවලිය පෙබරවාරි 14, 16 හා 18 යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලිය 22, 23 හා 25 යන දිනවලදී ද හරාරේහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Zimbabwe Test squad vs Ireland

Craig Ervine (c), Brian Bennett, Johnathan Campbell, Ben Curran, Joylord Gumbie, Trevor Gwandu, Takudzwanashe Kaitano, Vincent Masekesa, Nyasha Mayavo, Blessing Muzarabani, Richard Ngarava, Newman Nyamhuri, Victor Nyauchi, Nicholas Welch, Sean Williams.

Zimbabwe ODI squad vs Ireland

Craig Ervine (c), Brian Bennett, Johnathan Campbell, Ben Curran, Trevor Gwandu, Wessly Madhevere, Tinotenda Maposa, Tadiwanashe Marumani, Wellington Masakadza, Nyasha Mayavo, Blessing Muzarabani, Richard Ngarava, Newman Nyamhuri, Sikandar Raza, Sean Williams.

Zimbabwe T20I squad vs Ireland

Sikandar Raza (c), Brian Bennett, Ryan Burl, Johnathan Campbell, Trevor Gwandu, Wessly Madhevere, Tinotenda Maposa, Tadiwanashe Marumani, Wellington Masakadza, Nyasha Mayavo, Tony Munyonga, Tashinga Musekiwa, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Newman Nyamhuri.