ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම 20යි 20 තරගාවලියක් සදහා ජපානයට

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපානයේ තරග සංචාරයක් සදහා මෙම මාසයේ දී එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ජපන් ක්‍රිකට් සංගමය කළ ඉල්ලීමකට අනුව මෙම තරග සංචාරය සිදු කරන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
සංචාරයේ දී ජපාන ජාතික කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර 20යි 20 තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.
2024 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා ජූලි මාසයේ දී පැවැත්වෙන නැගෙනහිර ආසියා පැසිෆික් කලාපීය අවසන් තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්වීමට ජපානය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම මැයි 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
20යි 20 තරගාවලිය මැයි 10 වැනිදා සිට 15 වැනිදා දක්වා Sano ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරග කාලසටහන –
