Watch : කොන්ස්ටස් BBL පිටිය කළඹමින් වැළැක්වූ හයේ පහර මෙන්න
බිග් බෑෂ් ලීග් ක්රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී අති දක්ෂ පන්දු රැකීමක් ප්රදර්ශනය කරමින් ලකුණු හයක් වළක්වා ගැනීමට Sydney Thunder ක්රීඩක සෑම් කොන්ස්ටස්ට හැකි වුණා.
මෙම තරගයේදී ඔවුන්ගේ ප්රතිවාදීන් වූයේ Sydney Sixers කණ්ඩායමයි.
සිඩ්නිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Sydney Sixers පිල කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් රැස් කළ අතර, Sydney Thunder පිලට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.
Sixers ඉනිම අතරවාරයේදී Josh Philippe එල්ල කළ දැවැන්ත පහරකින් පසුවයි කොන්ස්ටස් අති දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින් හයේ පහරක් වැළැක්වීමට සමත් වුණේ.
SAM KONSTAS 😱
That is a crazy save on the boundary! #BBL15 pic.twitter.com/CqPRvtlsYw
— KFC Big Bash League (@BBL) December 20, 2025