Ultimate magazine theme for WordPress.

කොන්ත්‍රාත්ගත වූ අලුත්ම ක්‍රීඩක ලැයිස්තුව පාකිස්තානය නිවේදනය කරයි

2024-25 ජාත්‍යන්තර තරග වාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකු සදහා මධ්‍යම කොන්ත්‍රාත් ලබා දුන් බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

2024 වසරේ ජූලි පළමු වැනිදා සිට මාස 12 ක කාලයක් වලංගු වන පරිදි මෙම කොන්ත්‍රාත් ලබා දී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය වසරේ දී ක්‍රීඩකයින් හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර වසර තුනක කාලයක් සදහා එකග වූ ක්‍රමවේදය යටතේ මෙම කොන්ත්‍රාත්තු ලබා දී තිබෙනවා.

Khurram Shahzad, Mohammad Abbas Afridi, Mohammad Ali, Muhammad Irfan Khan හා Usman Khan යන ක්‍රීඩකයින්ට පළමු වරට මධ්‍යම කොන්ත්‍රාත්තු (D කාණ්ඩයෙන්) පිරිනමා ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බාබර් අසාම්ට මෙවරත් ඉහළම කාණ්ඩයෙන් කොන්ත්‍රාත්තුවක් හිමිව ඇති අතර, ශහීන් අෆ්රිඩි B කාණ්ඩය දක්වා පහතට ඇද වැටී තිබෙනවා. A කාණ්ඩයෙන් කොන්ත්‍රාත්තුවක් හිමිව ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ මොහමඩ් රිස්වාන් පමණයි.

මේ අතර, වසර අටකට පසුව පළමු වරට ෆකාර් සමාන්ට මධ්‍යම කොන්ත්‍රාත්තුවක් අහිමි වීම කැපී පෙනෙනවා. ඉමාම් උල් හක්, මොහමඩ් නවාස්, ඉමාඩ් වසීම්, ෆහීම් අශ්රෆ්, හසන් අලී, ඉෆ්ටිකාර් අහ්මඩ්, මොහමඩ් හැරිස්, සර්ෆරාස් අහ්මඩ්, ශහ්නවාස් දහානි, උසාමා මීර් හා සමාන් ඛාන් යන ක්‍රීඩකයිට ද මෙවර කොන්ත්‍රාත් හිමිව නැහැ.

List of centrally contracted players:

  • Category A (2): Babar Azam and Mohammad Rizwan
  • Category B (3): Naseem Shah, Shaheen Shah Afridi and Shan Masood
  • Category C (9): Abdullah Shafique, Abrar Ahmed, Haris Rauf, Noman Ali, Saim Ayub, Sajid Khan, Salman Ali Agha, Saud Shakeel and Shadab Khan
  • Category D (11): Aamir Jamal, Haseebullah, Kamran Ghulam, Khurram Shahzad, Mir Hamza, Mohammad Abbas Afridi, Mohammad Ali, Mohammad Hurraira, Muhammad Irfan Khan, Mohammad Wasim Jnr and Usman Khan