Watch : ජයිස්වාල්ගේ දැවී යාම පන්දුව යොමු කිරීමටත් පෙරම බ්‍රෙට් ලී අනුමාන කළ හැටි

බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ සිඩ්නිහීදී පැවැති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දීය දෙවැනි ඉනිමේදී යශස්වි ජයිස්වාල් දැවී ගිය ආකාරය පිළිබද මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.
ඊට හේතු වී ඇත්තේ විස්තර විචාරක ලෙස කටයුතු කළ බ්‍රෙට් ලී එම දැවී යාම එම පන්දුවේදී සිදු විය හැකි බවට ඊට පෙර පන්දුවේදී අනුමාන කරමින් සිදු කළ ප්‍රකාශයයි.
එම ඉනිමේදී ජයිස්වාල් ලකුණු 22 ක් ලබා සිටියදී දැවී ගියේ ස්කොට් බෝලන්ඩ් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.
එම පන්දුව ඒ ආකාරයෙන්ම කඩුල්ලේ වදිනු ඇති බවටයි බ්‍රෙට් ලී විසින් ඊට පෙර පන්දුවේදී අනුමාන කරනු ලැබුවේ.
දර්ශන පහතින් –
I still can’t get over @BrettLee_58 Binga (brett lee) prediction for Jaiswal Wicket.
What a peach it was.
Already missing test summer🇦🇺#AUSvsIND pic.twitter.com/pmjoL3O0qB— Sajjad Hussain (@Turi10Sajjad) January 6, 2025