Watch : කොදෙව්වන් ලකුණු 27 කට දැවී යයි

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව සටහන් කරමින්, කොදෙව් පිතිකරුවන් සියල්ලන මුලු ලකුනු පුවරුව ලකුනු 27 ක් තුළ දවාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම අද(15) සමත් වුණා.
ජැමෙයිකා හී පැවති තෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන ඉනිමේදී ලකුණු 202 ක ජයග්‍රාහී ඉලක්කයක් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හඹා යමින් සිටියදීයි ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ.
එහිදී විශිෂ්ට පන්දුයැවීමක නිරත වු මිචෙල් ස්ටාර්ක් පන්දුවාර 7.3 ක් ක්‍රියාත්මක කරමින් ලකුනු 9 ක් පමනක් ලබාදී කඩුලු 6 ක් බිඳ හෙලීමට සමත්වුනා. ස්කොට් බෝලන්ඩ්ට කඩුලු 3 යි. ජොස් හේසල්වුඩ් එක් කඩුල්ලක් දවාගත්තා.
කොදෙව්වන්ගේ මෙම ඉනිම තුල ලකුනු නොලබා දැවීයාම් 7 ක් වාර්තා වූ අතර ටෙස්ට් ඉනිමක වාර්තා වු වැඩිම ලකුනු නොලබා දැවීම් ගණන එයයි.
ටෙස්ට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ඇත්තේ නවසීලන්තයයි.
ඔවුන් 1955 වසරේදී එංගලන්තය හමුවේ ලකුණු 26 ක දැවී ගොස් තිබුණා.
— cric sl (@cricslvideo) July 15, 2025
Jayden Seales sledged Mitchell Starc.
Starc picked 6/9 in just 7.3 overs.
Australia Won lll@elympics_ai @vooi_io @JoinSapien @recallnet @openledger @tenprotocol
Keep shouting on $SHOUT , $BANE , $FAN , $MGANG , $SCAT , $SOUL , $Z3N $EZA , $UDOG $shout pic.twitter.com/OHW9JX6WGs— Kalpana (@RajPal529505) July 15, 2025