ශ්රී ලංකා ක්රිකට් නව සභාපති නිතරගයෙන් තේරී පත් වෙයි

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබෙනවා.
මේ වන විට පැවැත්වෙන 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහු නිතරගයෙන් සභාපතිධූරයට පත් වූ බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
2027 වසර දක්වා ශම්මි සිල්වා සභාපතිධූරයේ යළි කටයුතු කිරීමට නියමිතයි.
ඔහු සභාපතිධූරයට අඛණ්ඩව තේරී පත් වූ සිව්වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. එමෙන්ම ශම්මි සිල්වා මහතා නිතරගයෙන් සභාපතිධූරයට පත් වූ තෙවැනි අවස්ථාව ද මෙයයි