Watch : දුවද්දී දවා ගැනීමේ අවස්ථාවක් නවසීලන්තයෙන් ගිලිහී ගිය හැටි

ඉන්දියාව හා නවසීලන්තය අතර බැංගලූරුහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.
අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව වර්ෂාව හේතුවෙන් දිවා ආහාරය සදහා තරගය නියමිත කාලයට පෙර අවසන් කරන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 344 ක්.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 46 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 402 ක් ලබා ගත්තා. ඒ අනුව ඉන්දියාව දිවා ආහාරයට තරගය නතර කරන විට පිටුපසින් පසු වූයේ ලකුණු 12 ක් පමණයි.
සර්ෆරාස් ඛාන් නොදැවී ලකුණු 125 ක් හා රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 53 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
අද දිනයේ දී රිෂාබ් පාන්ට් දුවද්දී දවා ගැනීම සදහා ලද අවස්ථාවක් නවසීලන්ත ක්‍රීඩකයින් අතින් ගිලිහී යාම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.
Rishabh bhai, Run out is the last thing we need brother.
Sarfaraz jumping helped distract the wicket keeper.#INDvNZ pic.twitter.com/J2BaKWyVwr
— Ankit (@2dPointtt) October 19, 2024
🤣🤣 https://t.co/ThCCxMp1yD pic.twitter.com/ymjEvBO0b4
— mon (@4sacinom) October 19, 2024
ALL INDIA REACTION ON SARFARAZ RISHABH RUN OUT CHANCE #INDvNZ pic.twitter.com/ImFtIck1sp
— Wasi (@WasiTheBoi) October 19, 2024