LPL හැලෙයි – BPL, PSL ඇතුළු තරගාවලි පහක කණ්ඩායම් පහක් Global Super League තරගාවලියට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ගයානාහීදී පළමු වරට පැවැත්වීමට නියමිත Global Super League ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් පහ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම තරගාවලිය සදහා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Guyana Amazon Warriors කණ්ඩායම සමගින් තවත් රටවල් හතරක කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව Global Super League තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Lahore Qalandars, එංගලන්තයේ T20 Blast තරගාවලියට ක්‍රීඩා කරන Hampshire Hawks, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Rangpur Riders හා ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත කණ්ඩායමක් වන Victoria කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
අවසන් මහා තරගය සමගින් මෙම තරගාවලියට ඇතුළත් සමස්ථ තරග ගණන 11 ක්. නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 7 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමගින් එක් වරක් තරග වැදීමට නියමිත අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.
සෑම වසරකම පැවැත්වීමට සැලසුම් කර ඇති Global Super League තරගාවලිය සදහා එක් එක් වසරවලදී විවිධ කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි.
මෙවර තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ Guyana Amazon Warriors කණ්ඩායම හා Lahore Qalandars කණ්ඩායම අතරයි.
ජාත්‍යන්තර හා ලීග් තරගාවලි සමග මෙම තරගාවලියේ තරග කාලසටහන ඝට්ටනයකට ලක් වීම හේතුවෙන් ඇතැම් ක්‍රීඩකයින්ට Global Super League තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබෙනවා.
මෙම තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ අනුමැතියට යටත්ව ගයානා රජයේ සහාය ඇතිව සංචිධාන කරනු ලබනවා. ගයානා රජය තරගාවලියේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ද වනවා.