Ultimate magazine theme for WordPress.

පාකිස්තානයට අයි.සී.සීයෙන් දඩුවම්

දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන් පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඔවුන් එම තරගයේදී පන්දුවාර පහක් යවා අවසන් කිරීමට නියමිත කාල සීමාවන් තුළදී අසමත් වී ඇති බවටයි විනිසුරුවන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් ක්‍රීඩකයින්ට පැනවීමටත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු පහක් කපා හැරීමටත් තරග තීරක රිචී රිචර්ඩ්සන් තීරණය කර තිබෙනවා.

පාකිස්තාන නායක ශාන් මසූඩ් සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බව අයි.සී.සීය නිවේදනය කළා.

මෙම ටෙස්ට් තරගයෙන් පාකිස්තානයට කඩුලු 10 ක පරාජයක් හිමි වුණා.