Watch : 6, 6, 6 – පළමු පන්දු තුනට දෝනි ගහපු හයේ පහර 3 මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවශ්‍ය වූ වේගවත් අවසානය ලබා දීමට හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි අද(14) සමත් වුණා.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්.
හර්ඩික් පාන්ඩ්යා යොමු කළ චෙන්නායි ඉනිමේ අවසන් පන්දුවාරයේ දී පිටියට පිවිසි දෝනි පන්දු 4 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 20 ක්.
ඔහු මුහුණ දුන් පළමු පන්දු තුනටම හයේ පහර 3ක් එල්ල කිරීමට දෝනි සමත් වීම ද කැපී පෙනුණා.
දර්ශන පහතින් –
DO NOT MISS
MSD 🤝 Hat-trick of Sixes 🤝 Wankhede going berserk
Sit back & enjoy the LEGEND spreading joy & beyond 💛 😍
Watch the match LIVE on @JioCinema and @StarSportsIndia 💻📱#TATAIPL | #MIvCSK | @msdhoni | @ChennaiIPL pic.twitter.com/SuRErWrQTG
— IndianPremierLeague (@IPL) April 14, 2024