Ultimate magazine theme for WordPress.

Watch : 6, 0, 4, 6, 6, 6 – කොදෙව් දැවැන්තයාගෙන් ඇඩම් සම්පාගේ පන්දුවාරයකට දරුණු ප්‍රහාරයක්

ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද(13) පර්ත්හී දී ආරම්භ වූ තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කොදෙව්වන් ලකුණු 200 සීමාව අභිබවා රැගෙන යාමට ප්‍රහාරාත්මක පිතිකරු අන්ඩ්‍රි රසල් සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 220 ක්.

අන්ඩ්‍රි රසල් පන්දු 29 කින් ලකුණු 71 ක් ලබා ගත් අතර, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 40 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 67 ක්.

රසල්ගේ වේගවත් ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් ඇතුළත් වුණා. රදර්ෆර්ගේ ඉනිම හයේ පහර හා හතරේ පහර 5 බැගින් වර්ණවත් කළා.

තරගය අතරතුර දී කොදෙව් ඉනිමේ 19 වැනි පන්දුවාරය යොමු කළ ඇඩම් සම්පාට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමට රසල් සමත් වුණා.

එම පන්දුවාරයේ දී හයේ පහර 4ක් හා හතරේ පහරක් සමගින් රසල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 28 ක්. (දර්ශන පහතින්)

Leave a comment