Ultimate magazine theme for WordPress.

Watch : 41 හැවිරිදි ඇන්ඩර්සන්ගේ සුපිරි පන්දුවකට ඉන්දීය නායකයා ගොදුරු වූ හැටි

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද(4) දිනයේ දී සුපිරි පන්දුවක් යොමු කරමින් ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමට 41 හැවිරිදි එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.

ඉන්දීය දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෂර්මා ලකුණු 13 කට දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

විසාකාපට්නම් හී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 28 ක් ලබා සිටියා.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 29 ක් ලෙසයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 396 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 253 ක් පමණයි.

Leave a comment