Ultimate magazine theme for WordPress.

Watch : ශහීන්ගේ සුපිරි යෝකර් පන්දුවක් නිසා ගුර්බාස්ට වුණ දේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ අද(19) බ්‍රිස්බේන්හී දී පැවැති තරගයකදී ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් යම් ආබාධයකට ලක් වුණා.

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් පාදයේ වැදීමෙනුයි ඔහු මෙම ආබාධයට ලක් වුණේ.

පන්දුව පාදයේ වැදීම හේතුවෙන් ගුර්බාස් කඩුල්ල මුවා කිරීමේ වරදට ද හසුව දැවී ගියා.

ඔහු මුහුණ දුන් පළමු පන්වේ දී ම යි මෙම සුපිරි පන්දුවට මුහුණ දීමට ගුර්බාස්ට සිදු වුණේ.

පසුව ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෙකු විසින් සිය කර මතින් රහ්මනුල්ලාහ් ගුර්බාස්ව ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කරනු දක්නට ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 154 ක් රැස් කළා.

පාකිස්තානය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන් පන්දුවාර 2.2 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 19 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව තරගය ප්‍රතිපලයකින් තොරව නිමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

අදාළ යෝකර් පන්දුවේ වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Show Comments (1)