Watch : විනිසුරුවන් ශකිබ්ට කරපු කැත වැඩේ
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් මේ වන විට ඇඩිලේඩ් හී දී පැවැත්වෙනවා.
ඒ, පාකිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 127 ක්.
බංග්ලාදේශ ඉනිමේ දෙවැනි කඩුල්ල දැවී ගියේ පන්දුවාර 10.4 ක් අවසානයේ දී මුළු ලකුණු සංඛ්‍යාව 73 ක් ලෙස සටහන්ව තිබියදීයි.
ඒ වන විට බංග්ලාදේශය යම් ස්ථාවර මට්ටමක සිටියද 11 වැනි පන්දුවාර 5 වැනි පන්දුවෙන්ම නායක ශකිබ් අල් හසාන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීමට ශඩාබ් ඛාන් සමත් වීමත් සමග තරගයේ පාලනය පාකිස්තානයට නතු වුණා.
කෙසේ වෙතත්, එම දැවී යාම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය(DRS) ඔස්සේ අභියෝගයට ලක් කිරීමට ශකිබ් කටයුතු කළා.
පුනරූපනවලින් දක්නට ලැබුණේ පන්දුව පාදයේ වැදීමට පෙර පිත්තේ වැදී ගමන් කරන ආකාරයක්.
නමුත්, තෙවන විනිසුරු ලෙස කටයුතු කළ සිම්බාබ්වේ ජාතික Langton Rusere එය දැවී යාමක් ලෙස නම් කිරීමටයි කටයුතු කළේ.
එම තීරණයට ශකිබ් දැඩි විරෝධයක් පල කළ ද, විනිසුරුවන් විසින් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළා.
දර්ශන පහතින් නරඹන්න –
There appears to be a clear inside edge for Shakib.
Very unlucky to be given out LBW@abcsport#T20WorldCup
📹: @FoxCricket pic.twitter.com/3TfgPBtBIu
— Tom Wildie (@tomwildie) November 6, 2022