Ultimate magazine theme for WordPress.

Watch : ලොවක් මවිත කළ සූර්යකුමාර්ගේ හයේ පහර

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය මෙරට වේලාවෙන් අද(6) දහවල් 1.30 ට මෙල්බර්න් හී දී ආරම්භ වුණා.

ඒ, ඉන්දීය කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගනිමින්.

කේ එල් රාහුල් ලකුණු 51 ක් ලබා ගත් අතර, සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 61 ක් රැස් කළේ පන්දු 25 කින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්. ඔහු එල්ල කළ එක් හයේ පහරක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Show Comments (1)