Ultimate magazine theme for WordPress.

Watch : රිස්වාන් දවා ගන්න ටේලර් රැක ගත් සුපිරි උඩ පන්දුව

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ Steven Taylor අද(6) සමත් වුණා.

ඇමෙරිකාවේ ඩලස් හී දී ආරම්භ වූ තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ පාකිස්තාන කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නා.

ඒ අනුව පාකිස්තාන ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි මොහමඩ් රිස්වාන් හා බාබර් අසාම් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුවේ ලකුණු 9 ක සම්බන්ධතාවයක් පමණයි.

Saurabh Netravalkar යොමු කළ පන්දුවක් හමුවේ රිස්වාන් ලකුණු 9 කට දවා ගැනීම සදහායි Steven Taylor ස්ලිප් කලාපයේ සිට මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තේ.

දර්ශන පහතින් –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Leave a comment