Ultimate magazine theme for WordPress.

Watch : රවුෆ්ගේ සුපිරි කෙටි පන්දුවක් මුහුණේ වැදීමෙන් නෙදර්ලන්ත පිතිකරු මුහුණු දුන් අනතුර

නෙදර්ලන්ත පිතිකරු Bas de Leede මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (30) පර්ත් හී දී ආරම්භ වූ 29 වැනි තරගයේ දී අනතුරකට මුහුණ දුන්නා.

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් යොමු කළ කෙටි පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙනුයි ඔහු මෙලෙස අනතුරකට මුහුණ දුන්නේ.

අනතුරෙන් පසුව ඔහුගේ මුහුණට සුළු තුවාල සිදුව තිබූ අතර, අනතුරුව ඔහු ක්‍රීඩාංගනයෙන් ඉවත් වීමට පියවර ගත්තා.

අදාළ අනතුර හේතුවෙන් කම්පන තත්ත්වයකින් පසු වූ බැවින් ඔහුව මෙම තරගයෙන් ඉවත් කිරීමටයි පසුව පියවර ගැනුණේ.

ඒ අනුව Bas de Leede වෙනුවට Logan van Beek කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට ආදේශ කිරීමට ද නෙදර්ලන්ත කණ්ඩායමේ කළමණාකාරීත්වය පියවර ගත්තා.

අනතුර සිදුවන අවස්ථාව වන විට Bas de Leede පන්දු 16 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 91 ක්.

අනතුර සිදු වූ අයුරු පහතින් නරඹන්න –

Show Comments (1)