Ultimate magazine theme for WordPress.

Watch : පිටියෙන් එළියටම ගහපු පවෙල්ගේ සුපිරි හයේ පහර

මෙවර පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය මෙරට වේලාවෙන් අද(19) දහවල් හෝබාර්ට් හී දී ආරම්භ වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක නිකලස් පූරාන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 153 ක්.

ජොන්සන් චාර්ල්ස් ලකුණු 45 ක් ලබා ගත් අතර, රොව්මන් පවෙල් ලකුණු 28 ක් රැස් කිරීමට සමත් වුණා. අකීල් හොසේන් නොදැවී ලකුණු 23යි.

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.

මෙම ඉනිමේ දී රොව්මන් පවෙල් එල්ල කළ එක් හයේ පහරක් ක්‍රීඩාංගයෙන් ඉවතට ඇදී ගිය අතර, එම පහරේ දුර සටහන්ව තිබුණේ මීටර් 104 ක් ලෙසයි.

එහි දර්ශන පහතින් නරඹන්න –

Show Comments (1)