Ultimate magazine theme for WordPress.

Watch : පළමු පන්දුවාර තුනේ දී ප්‍රමෝද් මදුෂාන් බිද දැමූ සුපිරි කඩුලු 3

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද(9) දහවල් ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් සිය පළමු පන්දුවාර තුන තුළදී කඩුලු තුනක් දවා ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ රහ්මනුල්ලාහ් ගුර්බාස්, ඊබ්‍රහීම් සඩ්‍රාන් හා නායක හෂ්මතුල්ලාහ් ශහීඩි යන පිතිකරුවන්.

ගුර්බාස් එක් ලකුණකටත්, සඩ්‍රාන් ලකුණු 4කටත්, ශහීඩි ලකුණු 7කටත් දැවී ගියා. (දර්ශන පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 381 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 139 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 210 ක්. හයේ පහර අටක් හා හතරේ පහර 20 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු සමග ඉනිම ඇරඹූ අවිශ්ක ප්‍රනාන්දු රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 182 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

Leave a comment