Ultimate magazine theme for WordPress.

Watch : පළමු පන්දුවාරයේ දී ම මිචෙල් ස්ටක්ට වැදුණු දැවැන්ත හයේ පහර

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය ආරම්භ කරමින් පළමු තරගය මේ වන විට සත්කාරක ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සිඩ්නි හී දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ෆින් ඇලන් සමගින් ඩෙවෝන් කොන්වේ.

ඔවුන් දෙදෙනා නවසීලන්ත කණ්ඩායමට කිසිවෙකුත් නොසිතූ වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් වුණා.

පන්දු 25 කින් වාර්තා වූ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය බිද වැටුණේ ලකුණු 56 ක් ලෙස සටහන්ව තිබියදී යි.

ඒ, ෆින් ඇලන් ලකුණු 42 කට දැවී යාමත් සමගයි. පන්දු 16 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

තරගයේ පළමු පන්දුවාරයේ දී ම මිචෙල් ස්ටක්ට එරෙහිව ෆින් ඇලන් එල්ල කළ සුපිරි හයේ පහරේ දර්ශන පහතින් නරඹන්න –

Show Comments (1)