Ultimate magazine theme for WordPress.

Watch : ජොෂ් ලිට්ල්ගේ සුපිරි කඩුලු ත්‍රිත්වය මෙන්න

අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල් අද(4) කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වුණා.

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇඩිලේඩ් හී දී අද නවසීලන්තයට එරෙහිව ආරම්භ වූ තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

ඒ අනුව නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබා ගනිමින්.

කලකට පසු වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 35 කින් ලකුණු 61 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ඔහු එම කඩුලු තුනම ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ කේන් විලියම්සන්, ජේම්ස් නීෂම් හා මිචෙල් සැන්ට්නර්.

එහි දර්ශන පහතින් නරඹන්න –

Show Comments (1)