Ultimate magazine theme for WordPress.

Watch : ගුර්බාස්ගේ කඩුල්ල දවා ගැනීමට කුමාර යොමු කළ සුපිරි පන්දුව

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය අද (1) බ්‍රිස්බේන්හී දී ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කළා. ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගැණුනේ.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ඔවුන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 42 ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, 7 වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ලහිරු කුමාර විසින් රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි එම කඩුල්ල බිද වැටුණේ.

ගුර්බාස් පන්දු 24 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 28 ක්.

Show Comments (1)