Ultimate magazine theme for WordPress.

Watch : ඉනි දෙකක් සුනුවිසුණු කළ බුම්රාගේ සුපිරි යෝකර් පන්දුව

විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් එංගලන්ත පිතිකරු ඔලී පෝප්ගේ කඩුල්ල දවා ගැනීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද(3) සමත් වුණා.

එංගලන්ත කණ්ඩායම සමග විසාකාපට්නම් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි ඔහු මෙම සුපිරි යෝකර් පන්දුව යොමු කළේ.

එංගලන්ත පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස පෝප් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 23 ක්. (දර්ශන පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 396 ක් ලබා ගත්තා.

ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත් වූ ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු 209 ක් රැස් කළේ පන්දු 290 කින්. හයේ පහර 7ක් හා හතරේ පහර 19 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ශොයිබ් බෂීර්, රෙහාන් අහ්මඩ් හා ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Leave a comment