Ultimate magazine theme for WordPress.

Watch : ආචර්ගේ සුපිරි පන්දුවක් හමුවේ හෙඩ්ගේ මැද ඉන්න ගැලවී ගිය හැටි

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් දවා ගැනීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් සමත් වුණා.

බාර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 5 ක් තුළ ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හෙඩ් සමත් වුණා.

වෝනර් ලකුණු 39(16) කට දැවී ගිය අතර, හෙඩ් ලකුණු 34(18) ක් රැස් කළා.

ජොෆ්ර ආචර් යොමු කළ වේගය අඩාල කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ට්‍රැවිස් හෙඩ් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ. (දර්ශන පහිතින්)

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Leave a comment