Ultimate magazine theme for WordPress.

Watch : අවිශ්කගේ ඉනිම නැවතූ සුපිරි උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද(9) දහවල් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ අවිශ්ක ප්‍රනාන්දු සමගින් පැතුම් නිස්සංක.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 182 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

අවිශ්ක ලකුණු 88 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් විශිෂ්ඨ ලෙස රැක ගැනීමට ඊබ්‍රහීම් සඩ්‍රාන් සමත් වීමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.

පන්දු 88 කින් වාර්තා වූ අවිශ්කගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 8ක් ඇතුළත් වුණා.

ඊබ්‍රහීම් සඩ්‍රාන් රැක ගත් උඩ පන්දුව පහතින් නරඹන්න –

Leave a comment