Ultimate magazine theme for WordPress.

ඉන්දු – ඔස්ට්‍රේලියා දෙවන 20යි 20 තරගයේ විශේෂ අවස්ථා

Summary

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර අද(6) පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ඉන්දියාව කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

සිඩ්නි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදි ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

මෙය ඔස්ට්‍රේලියාවේ දී කණ්ඩායමක් ජාත්‍යන්තර 20යි 20 තරගයක් හඹා ගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එරටදී 20යි 20 තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් තරගයක් ජය ගෙන ඇත්තේ ද ඉන්දියාව වීම විශේෂත්වයක්. (198 Ind vs Aus SCG 2016)

එහි තෙවැනි සහ සිව්වන ස්ථාන ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. (174 SL vs Aus – 2017, 169 SL vs Aus – 2017)

ඉන්දියාව 2019 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මෙතෙක් සිය රටින් පිටතදී කිසිදු 20යි 20 තරගයක් පරාජයට පත්ව නොමැති අතර, අවසන් වරට ක්‍රීඩා කළ 20යි 20 තරග 10 ම ඉන්දියාව මේ වන විට ජය ගෙන තිබෙනවා.

Leave a comment