50 වැනි වරටත් කෝලි අසාර්ථක කර වූ ඇන්ඩර්සන්ගේ සුපිරි පන්දුව

ඉන්දීය නායක විරාට් කෝලි යනු මෑත යුගයේ පහළ වූ විශිෂ්ඨතම පිතිකරුවෙකු බව ලොව ඕනෑම කෙනෙක් අවිවාදයෙන් පිළිගන්නා කරුණක්.
කෙසේ වෙතත්, පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ඔහුගේ දක්ෂතාවල යම් පසු බැසීමක් සිදුව ඇති බව දක්නට ලැබෙනවා.
මේ වන විට එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ දී ද ඔහුට තවමත් සැලකිය යුතු දක්ෂතාවයක් දැක් වීමට අවස්ථාවක් ලැබී නැහැ.
දෙරට අතර අද(25) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් තරගයේ දී ද පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කෝලි ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි.
අවසන් වරට ඔහු ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කර ඇත්තේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දී යි.
ඒ අනුව අද දිනයේ දි ද ඔහුට ශතකයක් වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ඉනිම 50කදී ශතකයක් වාර්තා කිරීමට කෝලිට හැකියාව ලැබී නැහැ.
2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 23ක් ලෙසයි.
We think @jimmy9 enjoyed this one! 💥
Scorecard/Videos: https://t.co/UakxjzUrcE
🏴 #ENGvIND 🇮🇳 pic.twitter.com/3zGBCmJlhQ
— England Cricket (@englandcricket) August 25, 2021