Ultimate magazine theme for WordPress.

“160 වේගය අභිබවා යාමට සූදානම්” – මිචෙල් ස්ටක්

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් යනු ලෝක ක්‍රිකට් පිටිය තුළ පැයට කි.මී. 160 ට වැඩී වේගයක් සහිතව පන්දු යැවීමේ හැකියාවක් ඇති පන්දු යවන්නන් කිහිප දෙනා අතරින් එක් අයෙක්.

වර්තමාන පන්දු යවන්නන් අතරින් වේගවත්ම පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාක් මීට පෙර තමන් වාර්තා කළ හොඳම වේග සීමාව වන පැයට කි.මී. 160.4 අභියෝගයට ලක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහු පවසා ඇති ආකාරයට පසුගිය කාලය තුළ දී එම අරමුණ වෙනුවෙන් ස්ටක් පුහුණුවීම් මෙන්ම විවිධ ක්‍රියාකාරකම් සිදුකර තිබෙනවා.

පන්දුයැවීමේ වේග සීමාව උපරිම මට්ටමකට ළගා කරගැනීම සදහා සිය ශරීරයේ මාංශපේෂි 5 kg ක ප්‍රමාණයකින් වර්ධනය කරගත් බව ද ස්ටක් වැඩිදුරටත් සදහන් කර තිබුණා.

සිය හොඳම පන්දු යැවීමේ වේග සීමාව මිචෙල් ස්ටාක් සිනිටුහන් කරනු ලැබුවේ 2015 වසරේ දී නවසීලන්තයට එරෙහිව පැවතී ටෙස්ට් තරගයක් අතරතුරයි.

එහිදී ඔහු පැයට කි.මී. 160.4 ක වේගයකින් පන්දුව යොමුකර තිබූ බවට වේග මාපකයේ සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් –

Leave a comment